25.6 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබැංකු පොතෙන් සල්ලි ගද්දි 50ක බද්දක් ගන්නවාද?

බැංකු පොතෙන් සල්ලි ගද්දි 50ක බද්දක් ගන්නවාද?

ඉතිරි කිරීමේ ගිණුමේ පාස් පොතෙන් රුපියල් ලක්‍ෂ 2 කට අඩු මුදලක් නැවත ගන්නා අවස්ථාවකදී වාණිජ බැංකු රුපියල් 15 සිට රුපියල් 50 දක්වා අමතර ගාස්තුවක් අය කරයි.

මෙම අය කිරීමත් සමඟ කිසියම් පුද්ගලයෙක් පාස් පොත යොදාගෙන රුපියල් 50 ක මුදලක් නැවත ගතහොත් ඇතැම් පෞද්ගලික වාණිජ බැංකු එම මුදලට සමාන මුදලක් අමතරව අය කරන තත්වයක් ඇතිවී තිබේ.

මෙරට ප්‍රධාන පෞද්ගලික වාණිජ බැංකුවක් මේ වන විට රුපියල් 50 ක අමතර මුදලක් අයකරන අතර තවත් ප්‍රධානතම පෞද්ගලික වාණිජ බැංකුවක් රුපියල් 15 ක් අය කරයි.

රුපියල් 50 ක් අය කරන පෞද්ගලික බැංකුවෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ රුපියල් ලක්‍ෂ 2 කට අඩු මුදලක් ලබාගන්නා ගණුදෙනුකරුවන්ගෙන් එම අමතර මුදල අයකරන බවත් ටෙලර් යන්ත්‍රයෙන් කාඩ්පත භාවිතයෙන් මුදල් ලබාගන්නේ නම් එම මුදල අය නොකරන බවයි.

ජනතාව පවසන්නේ කාඩ්පතක් නොමැති පුද්ගලයකු මාසයකට අවස්ථා 10 කදී පාස්පොත භාවිතයෙන් මුදල් ලබාගත හොත් රුපියල් 500 ක මුදලක් අමතරව ගෙවීමට සිදුව ඇති බවත් මෙය දුප්පත් ජනතාවට කරන දැඩි අසාධාරණයක් බවත්ය.

#lankadeepa