29 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsභු චලනය හේතුවෙන් බුත්තල පන්සලක දාගැබේ චුඩා මානික්‍ය බිමට වැටෙයි

භු චලනය හේතුවෙන් බුත්තල පන්සලක දාගැබේ චුඩා මානික්‍ය බිමට වැටෙයි

ප්‍රදේශ කිහිපයකට බලපෑම් එල්ල කළ භූ චලනය සමග උනාවටුන ශ්‍රී බෞද්ධාලෝක පිරිවෙන් විහාරස්ථානයේ දාගැබේ කොත් කැරැල්ලේ තිබූ චූඩා මාණික්‍ය බිම ඇද වැටීමෙන් හානි සිදුව තිබෙනවා.

බුත්තල, පැල්වත්ත, වැල්ලවාය සහ මොනරාගල යන ප්‍රදේශ ආශ්‍රිතව රිච්ටර් මාපකයේ එකක 3.0 ක ප්‍රබලත්වයකින් යුත් සුළු භූ කම්පන තත්වය සිදු වූයේ අද දහවල් 12.15ට පමණයි.

උනාවටුන ශ්‍රී බෞද්ධාලෝක පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති නාගොල්ලේ නන්දරතන හිමි සඳහන් කළේ ඇතිවූ කම්පනයත් සමග දාගැබේ කොත් කැරැල්ලේ තිබූ චූඩා මාණික්‍ය බිමට වැටී හානි සිදුව ඇති බවයි.

ප්‍රදේශයේ නිවෙස්වල බිත්ති ඉරිතැලීම්, උළු හා සිවිලිම් බිමට වැටීම, දොර ජනේල්වලට සවිකර තිබු වීදුරු කැඩීම වැනි සුළු හානි සිදුව තිබෙන බව මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඒ.එම් රවින්ද්‍ර කුමාර මහතා ප්‍රකාශ කළා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ ප්‍රදේශයට භු චලනය සිදුවීමත් සමග බියට පත් වූ මහල් ගොඩනැගිලිවල සේවය කරමින් සිටි රාජ්‍ය සේවකයින් ඇතුලු ජනතාව බිම් මහල්වලට බැස පැය කිහිපයක් ගත කර ඇති බවයි.