― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමහ බැංකුවට කඩා වැදී සල්ලි අච්චු ගහන්න දේශපාලකයන්ට බැහැ

මහ බැංකුවට කඩා වැදී සල්ලි අච්චු ගහන්න දේශපාලකයන්ට බැහැ

ජනතාවට බොරු පැවසීම සහගහන අපරාධයක් බවත් ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ අද (10) පාර්ලිමේන්තුවේදී අහ්දහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මහබැංකුවට කරන්න පුළුවන් දේවල් ආණ්ඩුවට කරන්න පුළුවන් යැයි ගමට ගිහින් මිනිස්සුන්ට කියනවා බවත් මහ බැංකුවේ පොලී අනුපාතය පහත හෙළන්නැයි කියමින් ඉගෙනගත් මිනිස්සුන්ද පෙළපාළි යන බවයි.

එමෙන්ම දේශපාලකයන්ට මහ බැංකුවට කඩා වැදී සල්ලි අච්චු ගහලා පොලී අනුපාතය තීරණය කරන්න පුලුවන්දැයි අමාත්‍යවරයා ප්‍රශ්න කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව පොලී අනුපාතය තීරණය කළා කියා අපේ ගෙවල් ගිනි තියලා හරි යනවදැයි අමාත්‍යවරෞයා ඇසීය.