32.8 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාමණ්ඩිය - බෑනා වලියකින් මාමණ්ඩිය ජීවිතක්ෂයට

මාමණ්ඩිය – බෑනා වලියකින් මාමණ්ඩිය ජීවිතක්ෂයට

හැටන් දික්ඔය ඔටරි වතුයායේ මාමණ්ඩිය සහ බෑනා අතර ඇති වූ ගැටුමකින් මාමණ්ඩිය ජීවිතක්ෂයට පත් වී ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (09) පස්වරු 3 ට පමණ මාමා සහ සහ බැණා අතර බහින්බස් වීමක් සිදුව ඇති අතර එහිදි සැකකාර බැණා විසින් මාමාව නිවස තුළදි පහර දී තල්ලු කිරීමත් සමග මාමණ්ඩිය බිමට වැටි හිසට බරපතල ලෙස තුවාල වීම නිසා ඔහු දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මොහු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

සැකකාර බැණා ඊයේ (09) රාත්‍රියේ හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ගැටුමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හැටන් දික්ඔය ඔටරි වතුයායේ පදිංචි කරුපන් කාමරාජන් (62) නැමති තිදරු පියෙකි.