28.9 C
Colombo
Friday, February 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැතිවරණය වළක්වන්නැයි ගොනු කළ පෙත්සම අද විභාගයට

මැතිවරණය වළක්වන්නැයි ගොනු කළ පෙත්සම අද විභාගයට

රට තුළ උග්‍ර ආර්ථික අර්බුදයක් උද්ගත වී ඇති බැවින් මෙම අවස්ථාවේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සමක් අද (10) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතව තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිත මෙම පෙත්සමේ දී මැතිවරණ කොමිසම, මුදල් අමාත්‍යංශයෙන් ලේකම්වරයා ඇතුළු පාර්ශ්ව කීපයක් කරුණු දැක්වීමටද නියමිතයි.

විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වන ඩබ්ලිව්.එම්. ආර්. විජේසුන්දර විසින් පෙත්සම ගොනුකර තිබෙනවා.