ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංහ නාද කළත් රාජාසන කතාවේදී තමාට ඇහුනේ පුංචි කෙඳිරියක් පමණක් බවත් රට බෙදන, රට ලේ විලක්, ගිනි ගොඩක් බවට පරිවර්තනය කරන 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලය බෙදීම සම්පූර්ණ කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පැවසීය.
හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ (09) පාර්ලිමේන්තුව අමතමිනි.
“13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරනවා කියලා ජනාධිපතිතුමන් සර්වපාක්ෂික සමුළුවේ දී ප්‍රකාශ කරලා තිබුණා. ඒ විතරක් නොවෙයි එතුමා කිව්වා තමන්ගේ රාජාසන කතාවේදී මේ බව පාර්ලිමේන්තුවට ද ප්‍රකාශ කරනවා කියලා. එදා එතුමා සිංහ නාද කළත් ඊයේ නම් අපට ඇහුනේ පුංචි කෙඳිරියක් විතරයි. මේ රටේ මහ සඟරුවන ප්රමුඛ කරගෙන අපි එදා නගපු විරෝධය ජනාධිපතිතුමාගේ ඇඟට දැනිලා තියෙන බවක් පේන්න තියෙනවා. ඒ ඇඟට දැමීම ඒ අයුරින්ම තියාගැනීම එතුමාගේ ශරීර සෞඛ්‍යයට බොහොම යහපත් කියලා මම එතුමාට සිහිපත් කරනවා.“