30.6 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalලංකා මාතාව දණින් වැටී ඉද්දි රනිල් තමයි නැගිටින්න උරහිස දුන්නේ

ලංකා මාතාව දණින් වැටී ඉද්දි රනිල් තමයි නැගිටින්න උරහිස දුන්නේ

ලංකා මාතාව දණින් වැටී සිටි මොහොතේ රනිල් වික්‍රමසිංහ කිසිම කොන්දේසියකින් තොරව ලංකා මාතාවට නැගිටින්න උරහිස දුන් බව රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ පැවසුවාය.

රාජ්‍ය ඇමතිවරිය මේ බව සඳහන් කළේ අද (10) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය කියා සිටියේ විපක්ෂය පාර්ලිමේන්තුවට නෑවිත්ම හිටියත් කමක් නැති බවත් ඔවුන් ආවා කියලත් කරන වැඩක් නැති බවත්ය.

අසනීපයක් බව කියා වඩිවෙල් සුරේෂ් මහතාගේ ඡන්ද මීටිමට විපක්ෂනායකවරයා නොගිය කාරණයෙන්ම අජිත් යනු බොරු කරන නායකයෙක් බව තහවුරු වන බව පැවසූ රාජ්‍ය ඇමතිවරිය, මෙවන් බොරු කරන නායකයන්ට රටක් කරන්න පුළුවන් දැයි ප්‍රශ්න කළාය.