― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsලංවිමට එරෙහිව ගොනු කළ පෙත්සම අධිකරණයෙන් ඉවතට

ලංවිමට එරෙහිව ගොනු කළ පෙත්සම අධිකරණයෙන් ඉවතට

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ කප්පාදුවකින් තොරව විදුලිය සැපයීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලිබල මණ්ඩලය වෙත රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම විසින් ගොනු කළ පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියෝග කළා.

අදාළ පෙත්සම දීර්ඝ වශයෙන් කරුණු සලකා බැලීමෙන් අනතුරුව අද (10) දින සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දුන්නා.

අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය සපයන බවට ලංකා විදුලිබල මණ්ඩලය පොරොන්දු වී තිබුණ ද විදුලි කප්පාදුව සිදුවීම නිසා අදාළ විභාගය සඳහා මුහුණ දෙන සිසුන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව ඔවුන්ගේ දෙමව්පියන් විසින් පැමිණිලි කර තිබෙන බවත් මහජන උපයෝගීතා කොමිසම විසින් ඉදිරිපත් කළ පෙත්සමේ සඳහන් වෙනවා.

ඒ අනුව අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ බාධාවකින් තොරව අඛණ්ඩව විදුලිය සැපයීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලිබල මණ්ඩලය වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් මහජන උපයෝගීතා කොමිසම අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ රිට් පෙත්සමෙන් ඉල්ලා තිබුණා.

එහෙත් ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යන වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කළේ මෙම පෙත්සම පවත්වාගෙන යාම සඳහා මහජන උපයෝගිතා කොමිසමේ සෙසු සාමාජිකයින් දෙදෙනා අනුමැතිය පළ කර නොමැති බවයි.

මෙම පෙත්සමේ අන්තර්ගත කරුණු පදනම් විරහිත බැවින් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් එම නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා. දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුවයි අභියාචනාධිකරණය අද (10) මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ.