― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsලොවම මවිත කළ ආයාට විශාල ඉල්ලුමක්

ලොවම මවිත කළ ආයාට විශාල ඉල්ලුමක්

තුර්කියට සහ සිරියාවට බලපෑම් එල්ල කළ භූමිකම්පාවෙන් පසු වයඹ දිග සිරියාවේ කඩා වැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් යට උපත ලැබූ දැරිය හදා වඩා ගැනීමට දහස් ගණනක් පිරිසක් ඉදිරිපත් වී තිබෙනවා.

අරාබි බසින් ආශ්චර්යය යන අරුත ඇති “ආයා” නාමය ඇයට තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඇය බේරා ගන්නා විටත්, ඇගේ පෙකණි වැලෙන් මවට සම්බන්ධ වී සිටියා.

ජින්ඩයිරිස් නගරයේ ඇති වූ භූමිකම්පාවෙන් පසු ඇගේ මව, පියා සහ සහෝදර සහෝදරියන් සිව්දෙනාම මරණයට පත් වුණා.

මේ වන විට රෝහල්ගත කර ඇති ආයා මේ වන විට ස්ථාවර සෞඛ්‍ය තත්ත්වයක පසු වන බවයි වාර්තා වන්නේ.

බිළිඳිය බේරාගැනීමේ වීඩියෝ සමාජ මාධ්‍යවල හුවමාරු වූ අතර ගොඩනැගිල්ලක කඩා වැටුණු සුන්බුන් අතරින් දුහුවිල්ලෙන් වැසී ගිය බිළිඳකු අතැතිව මිනිසෙක් වේගයෙන් දිව යන ආකාරය එම දර්ශනවල දැක්වෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ දහස් ගණනක පිරිසක් දැරිය හදා වඩා ගැනීමට ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

රෝහල් කළමණාකරු, Khalid Attiah පවසන්නේ, Aya දරුවා හදා ගැනීමට ලොව පුරා සිටින පුද්ගලයින්ගෙන් තමාට ද ඇමතුම් විශාල ප්‍රමාණයක් ලැබී ඇති බවයි.

භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව මේවන විට 21000 ඉක්මවා ගොස් තිබෙනවා.

තුර්කියේ මරණ 18000ක් වාර්තා වී ඇති අතර සිරියාවේ මරණ 3000ක් සිදුවී ඇති බවටයි මේවන විට අනාවරණ වී ඇත්තේ. සුන්බුන් අතර සිරවූ දහස් ගණනක පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මේ අතර තුර්කියේ සුන්බුන් අතර සිරවී සිටි අලුත උපන් තවත් බිළිඳුන් 16 දෙනෙකු ඊයේ සහන කණ්ඩායම් විසින් සොයා ගනු ලැබුවා.

ඔවුන් එරට ජනාධිපතිවරයාට අයත් ගුවන්යානයෙන් රෝහල්වලට රැගෙන ගිය අතර ඔවුන්ට කිරි මව්වරුන් සොයා දීමට ද බලධාරීන් පියවර ගත්තා. එම දරුවන් හදා වඩා ගැනීමට ද ඉල්ලීම් රැසක් ඉදිරිපත් වන බවයි වාර්තා වන්නේ.