― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවසන්ත කරන්නාගොඩ ඝා+තන සැලැස්මක්

වසන්ත කරන්නාගොඩ ඝා+තන සැලැස්මක්

හිටපු නාවික හමුදාපති වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ ඝාතනය කිරීමේ සැලැස්මක් පිළිබඳව ලැබී ඇති තොරතුරු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

වසන්ත කරන්නාගොඩගේ ජීවිතයට තර්ජනයක් වන අයුරින් රහසිගත වීඩියෝ දර්ශන ලබාගැනීමේ සිදුවීමක් අනාවරණ වීමෙන් පසුවයි මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ.

ආණ්ඩුකාවරයා විසින් පොලිස්පතිවරයාට මේ පිළිබඳව පැමිණිලි කර ඇති අතර මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදුකරන ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට දැනුම් දුන්නද එය මන්දගාමීව සිදුවීම නිසා මේ පිළිබඳව වයඹ පළාත් ආණ්ඩුකාරවරයා පොලිස්පතිවරයා වෙත දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

ආණ්ඩුකාරවරයාට ලබාදී ඇති ආරක්ෂාව මේ වනවිට දැඩි කර ඇති අතර ඒ අනුව අදාළ විමර්ශනය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර තිබේ.

ආණ්ඩුකාරවරයාගේ කුරුණෑගල වැව රවුමේ පිහිටි නිල නිවස, කුරුණෑගල නගරයේ පිහිටා ආණ්ඩුකාර කාර්යාලයේ සිට නිල නිවස කරා ගමන් ගන්නා මාර්ගය මෙන්ම පෙර ගමන් රථය කිසියම් පිරිසක් විසින් වීඩියෝගත කර ඇති අතර එම වීඩියෝවේ දර්ශන කිසියම් පුද්ගලයෙකු විසින් ආණ්ඩුකාරවරයාට ලබාදී ඇත.

මෙහි ඇති ආණ්ඩුකාර නිල නිවසට අදාළ වීඩියෝ දර්ශන ඊට යාබදව පිහිටා ඇති කුරුණෑගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට අයත් නිල නිවසේ සිට ලබාගෙන තිබීම විශේෂත්වයක්.

තමන් නිල නිවසේ නොසිටි අවස්ථාවක කිසිවෙකු විසින් මෙම දර්ශන ලබාගෙන ඇති බව කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ ආණ්ඩුකාරවරයා හමුවේ පිළිගෙන ඇති බවයි වාර්තා වන්නේ.