28.9 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසුළු පියාගේ වද හිංසා නිසා දරුවෙක් ජීවිතක්ෂයට

සුළු පියාගේ වද හිංසා නිසා දරුවෙක් ජීවිතක්ෂයට

මවගේ දෙවැනි විවාහයේ පුරුෂයා විසින් සිදුකළ පහරදීමකින් බරපතළ තුවාල ලබා මඩකලපුව රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ වයස අවුරුදු 11ක පිරිමි දරුවෙක් ඊයේ (09) දහවල් මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවයි.

පසුගිය 08 වනදා දරුවාට මෙම පහරදීම සිදුකර ඇති අතර පහරදීම සිදුකළ පුද්ගලයා ද එම දිනයේම අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා. අත්අඩංගුවට ගැනුණු සැකකරු 26 හැවිරිදි වියේ පසුවන මාතලේ ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔහු ඊයේ (09) මඩකපුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉරිදිපත් කිරීමෙන් අනතුරුව ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.දරුවාගේ ඝාතනය සම්බන්ධයෙන් අද (10) දිනයේ මඩකපුව පොලිස් ස්ථානය විසින් අධිකරණයට කරුණු දැක්වීමට නියමිතයි.