29 C
Colombo
Monday, November 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසූර්යයාගේ වෙනසක් - විද්‍යාඥයින්ගේ දැඩි අවධානය

සූර්යයාගේ වෙනසක් – විද්‍යාඥයින්ගේ දැඩි අවධානය

නාසා ආයතනයේ ජේම්ස් වෙබ් දුරේක්ෂයට සූර්යයාගේ පෘෂ්ඨයෙන් කොටසක් වෙන්වී ගොස් ටොනාඩෝවක් ආකාරයට උත්තර ධ්‍රැවයේ භ්‍රමණය වූ බව නිරීක්ෂණය වී තිබේ.

විද්‍යාඥයින් පවසන්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔවුන් පරීක්ෂණ සිදු කරන බවය. සූර්යයාගෙන් ගිනි දැල් විමෝචනය වීම සාමාන්‍ය සිදුවීමක් වුවද මෙය පෙර නොවූ ආකාරයේ විමෝචනයවීමක් බව විද්‍යාඥයින් පවසයි.

විද්‍යාඥයින්ගේ ද විමතියට හේතුවී ඇති මෙම සිදුවීම සම්බන්ධයෙන් විශ්ලේෂණයක් සිදු කරන බව ඔවුන් පවසා තිබේ. මෙවැනි සිදුවීම්වලින් පෘථිවියට යම් බලපෑමක් ඇති විය හැකි බැවින් මේ සම්බන්ධයෙන් විද්‍යාඥයින්ගේ වැඩි අවධානයක් යොමුවී ඇත.