31.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅධිකරණ වරෙන්තු 46 ක් මගහැරි කාන්තාවක් පොලිස් අත්අඩංගුවට

අධිකරණ වරෙන්තු 46 ක් මගහැරි කාන්තාවක් පොලිස් අත්අඩංගුවට

වරෙන්තු 46ක් නිකුත් වී තිබූ සැකකාරියක් මිරිහාන කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අද (12) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකාරිය 39 හැවිරිදි වියේ පසුවන කඩවත, සූරියගම ප්‍රදේශයේ පදිංචි තැනැත්තියක් බවයි පොලිසිය සඳහන් කළේ.

ආහාර ද්‍රව්‍යක් ඇසුරුම් කිරීම සම්බන්ධයෙන් මුදල් වංචාවකට අදාළව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් වරෙන්තු 46ක් සැකකාරියට නිකුත් කර තිබුණා.

මිරිහාන කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.