26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅනාරක්ෂිත ළිඳකට වැටී සිව්හැවිරිදි පිරිමි දරුවෙක් ජීවිතක්ෂයට

අනාරක්ෂිත ළිඳකට වැටී සිව්හැවිරිදි පිරිමි දරුවෙක් ජීවිතක්ෂයට

කරන්දෙණිය, මහගොඩ ප්‍රදේශයේ නිවසක් අසල අනාරක්ෂිත ළිදකට වැටී සිව්හැවිරිදි පිරිමි දරුවෙක් අද (12) පෙරවරුවේ මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

දරුවා නිවසේ නොමැති බව දැනගත් නිවැසියන් ඒ පිළිබඳව සොයා බැලීමේ දී නිවසට යාබදව පිහිටි ඉඩම පරීක්ෂා කළ අවස්ථාවේ ළමයා පැළඳ සිටි පාවහන් ළිදේ පාවෙමින් තිබිය දී හමුව තිබෙනවා.

පසුව ළිං පතුල පරීක්ෂා කිරීමේ දී ළමයාගේ සිරුර හමුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් කරන්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.