29.5 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජවිපෙට සුළු ඡන්ද වැඩිවීමක් තියෙනවා . ඒ වුණත් පොහොට්ටුවට ජය නියතයි –...

ජවිපෙට සුළු ඡන්ද වැඩිවීමක් තියෙනවා . ඒ වුණත් පොහොට්ටුවට ජය නියතයි – මහින්දානන්ද

ජනතා විමුක්ති පෙරමුණට මේ අවස්ථාවේ රටේ සුළු ඡන්ද වැඩි වීමක් ඇතැයි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

එය කිසිසේත් පොදුජන පෙරමුණට අභියෝගයක් නොවන බවත් පළාත් පාලන මැතිවරණය තම පක්ෂය ඉහළින් ම ජය ගන්නා බවත් ඔහු අවධාරණය කරයි.

පොදුජන පෙරමුණ යනු මේ රටේ යුද්ධය අවසන් කළ කොවිඩ් වසංගතය පරාජය කළ රටට දැවැන්ත සංවර්ධනයක් ගෙන ආ නායකත්වය බව ද මහින්දානන්ද අලුත්ගමගේ පෙන්වා දෙයි.

ජනතා විමුක්ති පෙරමුණ බස්වලින් සෙනඟ ඇද රැස්වීම් කළ ද ඡන්ද ප්‍රතිඵල ලැබෙන විට හැමදාම සිදුවූ දේ මෙවර ද සිදුවන බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.