26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතුර්කියට සහ සිරියාවට උදව් කරන්න ලොව සුපිරි පාපන්දු තරු රැසක් එක්වෙයි

තුර්කියට සහ සිරියාවට උදව් කරන්න ලොව සුපිරි පාපන්දු තරු රැසක් එක්වෙයි

තුර්කි – සිරියා භූමිකම්පාවෙන් විපතට පත් වූවන් වෙනුවෙන් සිය පදනම හරහා යුරෝ මිලියන 3.5ක මුදලක් පරිත්‍යාග කරන බව සුපිරි පාපන්දු ක්‍රීඩක ලියෝනල් මෙසී නිවේදනය කර තිබෙනවා.

මේ අතර, ප්‍රංශ සුපිරි ක්‍රීඩක කයිලියන් ම්බාපේ විසින් විපතට පත් වූවන්ට ආධාර කිරීමේ අරමුණින් වෙන්දේසියක් සඳහා සිය අත්සන තබන ලද ජර්සියක් පරිත්‍යාග කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වෙන්දේසිය වෙනුවෙන් මැන්චෙස්ටර් සිටි පාපන්දු සමාජයේ ක්‍රීඩකයින් වන අර්ලින් හැලන්ඩ් සහ කෙවින් ඩි බෲයින් ද ඔවුන්ගේ ජර්සි පරිත්‍යාග කර ඇති අතර, රියල් මැඩ්රිඩ් පාපන්දු කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයින් රැසක් ද මේ සඳහා සිය දායකත්වය ලබා දී තිබෙනවා.

මෙම වෙන්දෙසියේ දී වැඩිම ලංසුව හිමි වූ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ ජර්සිය ඩොලර් 212,450ක මිලකට අලෙවි වී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම තවත් පාපන්දු තරු රැසක් ද මෙම භූ කම්පනයෙන් විපතට පත්වූවන් සඳහා ආධාර උපකාර කිරීමට මැදිහත්ව ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

මේ අතර යුරෝපීය පාපන්දු සංගම් සංගමය ද පසුගිය සිකුරාදා තුර්කියේ සහ සිරියාවේ මානුෂීය මෙහෙයුම් සඳහා යුරෝ 200,000ක මුදලක් පරිත්‍යාග කරනු ලැබුවා.