― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportනවසීලන්තය සමඟ ටෙස්ට් තරගාවලියට යන ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩා ඇමතිගේ අනුමැතියට

නවසීලන්තය සමඟ ටෙස්ට් තරගාවලියට යන ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩා ඇමතිගේ අනුමැතියට

ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹන නවසීලන්ත සංචාරය සඳහා එක්වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමුකර ඇති බව වාර්තා වනවා.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයින් 19 දෙනෙකු ඇතුළත්.

මෙම සංචිතය සඳහා එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමඟ පැවති නිල නොවන ටෙස්ට් තරගාවලියේ දී දස්කම් දැක්වීමට සමත් වූ නිශාන් මදුෂ්ක සහ මිලාන් රත්නායක මෙම සංචිතයට එක්කර තිබීම විශේෂත්වයක්.

මේ අතර ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට ආබාධයක් හේතුවෙන් මෙම තරගාවලිය අහිමිව යන බවයි වාර්තා වුණේ.

පිට කොන්දේ ආබාධයක් හේතුවෙන් පැතුම් මෙලෙස ටෙස්ට් තරගාවලියෙන් ඉවත්ව ඇති අතර, ඔහු සීමිත පන්දුවාර තරගාවලි සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් එක්වීමට නියමිත බවයි තොරතුරු වාර්තා වන්නේ.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමුකර ඇති සංචිතය පහතින්.

දිමුත් කරුණාරත්න (නායක), ඕෂද ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්,කමිඳු මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල (wk), නිශාන් මදුෂ්ක, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසුරිය, චාමික කරුණාරත්න, කසුන් රාජිත, ලහිරු කුමාර, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, මිලාන් රත්නායක, ප්‍රවීන් ජයවික්‍රම, ලසිත් ඇඹුල්දෙනිය