― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsනව නීති පනවා හෝ හිඟ ආදායම් බදු අයකර ගන්නවා – මුදල් රාජ්‍ය...

නව නීති පනවා හෝ හිඟ ආදායම් බදු අයකර ගන්නවා – මුදල් රාජ්‍ය ඇමති

දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවට අයවීමට ඇති හිඟ ආදායම් බදු අලුතින් නීති පනවා හෝ අයකර ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

දෙහිඕවිට, මහායාය ප්‍රදේශයේ අද (12) සවස පැවති වැඩසටහනකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී තවදුරටත් අදහස් දකවමින් අමාත්‍යවරයා පැවසූයේ මාධ්‍ය වාර්තා වල සඳහන් ආකාරයට රුපියල් බිලියන 200 කට වැඩි හිඟ මුදලක් අයවීමට ඇතත් එම මුදල වසර 30 පමණ කාලයක සිට එකතු වූ මුදල් බවයි.

මෙම හිඟ මුදල් අයකර ගැනීමට මහා භාණ්ඩාගාරයෙන් වෙනම කණ්ඩායමක් පත් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම වාහන ආනයන සීමා පනවා තිබියදී, මුදල් අමාත්‍යාංශය විසින් රුපියල් කෝටි සියය ඉක්මවා වාහන ආනයනය කර තිබීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ එම වාහන ගෙන්වා ඇත්තේ 22021 වසරේ දී බවත්, කෙසේ වුවද වතුර බවුසර්, ගිලන් රථ ආදිය ගෙන්වා ඇතත් කිසිඳු සුඛෝපභෝගී වාහනයක් ගෙන්වා නොමැති බවයි.

මුදල් අමාත්‍යාංශය මුදල් ලබා නොදීම හේතුවෙන් අමාත්‍යාංශ කිහිපයක් අර්බුධය වලට මුහුණපෑම සම්බන්ධයෙන් අදහස් දැක්වමින් ඔහු පැවසූයේ රටම අර්බුධයකට මුහුණ පා සිටින අවස්ථාවක එවැනි දේ සිදු විය හැකි වුවද නියමිත අනුපිළිවෙළක් අනුව අත්‍යාවශ්‍ය කටයුතු සඳහා වියදම් කරන බවයි.