75 වන ජාතික නිදහස් සැමරුමට සමගාමීව “නමෝ නමෝ තායෙ සංස්කෘතික මංගල්‍යය” දැවැන්ත සංගීත ප්‍රසංගයක් ද සමගින් ඊයේ (11)රාත්‍රියේ යාපනය කොටුව අසළ මුට්රවෙලි එළිමහන් රංග පීඨයේ දී පැවැත්විණි.
මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය.
උතුරු පළාතේ දමිළ සංස්කෘතිය විදාහ පාමින් අංග රැසක් සංස්කෘතික උළෙලට එක්කර තිබූ අතර, අවසානයේ දැවැන්ත සංගීත ප්‍රසංගයක් ද පැවැත්විණි.
මේ සඳහා යාපනය ජනතාව විශාල පිරිසක් සහභාගි වී සිටි අයුරු දක්නට ලැබිණි.
දකුණු ඉන්දීය කලාකරුවන් කිහිප දෙනෙකුම මෙම සංගීත ප්‍රසංගයට එක්ව සිටීම විශේෂත්වයකි.
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, උතුරු පළාත් ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් එම්. ඉලංගෝවන් යන මහත්වරු සහ රාජ්‍ය නිලධාරීහු, ආරක්ෂක අංශ ප්‍රධානීහු ප්‍රමුඛ සම්භාවනීය ආරාධිතයින් පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.
මේ අතර 75 වන නිදහස් දිනයට සමගාමීව නිදහස් සමරු පෙළපාලියක් යාපනය සංස්කෘතික මධ්‍යස්ථාන භූමියේ දී ඊයේ (11) පස්වරුවේ පැවැත්විණි.
එය නැරඹීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස සහභාගි වූ අතර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ද ඊට එක් විය.
උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහම නියෝජනය කරමින් මෙම පෙළපාලිය සඳහා විවිධ සංස්කෘතික අංග එක් කර තිබීම ද විශේෂත්වයක් වන අතර උතුරු පළාතේ පාසල් සිසු දරු දැරියන් ද ඊට එක්ව සිටියහ.





