29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeSportපන්දුවේ ආලේපනයක් තැවරූ ජඩේජාට දඩ

පන්දුවේ ආලේපනයක් තැවරූ ජඩේජාට දඩ

ඔස්ට්‍රේලියාව සමගින් පැවති පළමු ටෙස්ට් තරගයේදී පන්දුවේ ආලේපනයක් තැවරූ ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජාට දඩ පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන ඇත.

එමෙන්ම මෙම වරද නිසා ඔහුට එක් අසාදු ලකුණක් පැනවීමටද අයි.සී.සී. පියවර ගෙන ඇත.

නාන්පූර්හි පැවති මෙම තරගයේ 48 වැනි පන්දුවාරයේදී මෙම සිදුවීම් වන අයුරු කැමරාවල පහසුවෙන් සටහන් විය. එහිදී ඬෙජා විසින් මොහොමඩ් සිරාජ්ජ්ගේ අත්ල මත තිබූ වේදනානාශක ක්‍රීම් වර්ගයකින් ස්වල්පයක් ගෙන සිය දබරැගිල්ල ආධාරයෙන් පන්දුවෙහි තවරන අයුරු කැමරා රූපසටහන්හි සනිටුහන් විය.

මෙම සිදුවීම් සමාජ මාධ්‍ය තුළ විශාල කතාබහට ලක්වූයේ දහඩිය හැර අනෙක් කිසිවක් ක්‍රිකට් පන්දුවක් මත තවරා ක්‍රීඩා කිරීම් ක්‍රිකට් නීතිර්ති කඩකිරීමක් වන නිසාය. මෙම සිදුවීම පැහැදිලිව පෙනි පෙනී තිබියදී අයි.සී.සි.ය ඉන්දීය ක්‍රීඩක ඩේජාට විරුද්ධව ක්‍රියාමාර්ගයක් නොගැනීම
සම්බන්ධයෙන්ද මෙහිදී කථාබහක් ඇති විය.

කෙසේ වෙතත් ජඩේජා මෙහිදී පන්දුව පළුඳු නොකළ බව අයි.සී.සී.ය නිවේදනය කර ඇත.

අනතුරුව මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම්ද නිවේදනයක් නිකුත් තරමින් ජඩේජා පන්දුවේ දිස්නය වැඩි කිරීම් සඳහා වේදනා නාශක ක්‍රීම් වර්ගයක් පන්දුවේ ආලේප කළ බව පිළිගත්තේය.

මෙම තරගයෙන් ඉනිමක හා ලකුණු 132 ක පහසු ජයක් ඉන්දියාව විසින් හිමිකර ගත්තේය.තරගයේ තුන් ඉරියව්වෙන්ම දස්කම් පෑ ජඩේජා තරගයේ වීරයා සම්මානයද හිමිකර ගත්තේය.