27.8 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහේස්ත්‍රාත්වරයෙකුගේ මෝටර් රථය පැහැරගෙන පුද්ගලයෙකු පලායයි

මහේස්ත්‍රාත්වරයෙකුගේ මෝටර් රථය පැහැරගෙන පුද්ගලයෙකු පලායයි

පුද්ගලයෙකු විසින් මහේස්ත්‍රාත්වරයෙකු නිවසක සිරකර ඔහුගේ සුඛෝපභෝගී මෝටර් රථය පැහැර ගෙන ගොස් ඇති බව වාර්තා වනවා.

පිළියන්දල, මඩපාත ප්‍රදේශයේ දී මෙම පැහැර ගැනීම සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මහේස්ත්‍රාත්වරයාගේ නිවස කුලී පදනම මත ලබා ගැනීමට පැමිණි පුද්ගලයෙක් මහේස්ත්‍රාත්වරයා එම නිවසේ උඩුමහලේ සිරකර මෙලෙස සුඛෝපබෝගී මෝටර් රථය පැහැර ගෙන ගොස් තිබෙනවා.

පිළියන්දල, මඩපාත ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවස කුලී පදනමට ලබාදීම සඳහා මහේස්ත්‍රාත්වරයා දැන්වීමක් පළකර ඇති අතර, ඒ අනුව ඊයේ (11) දින පුද්ගලයෙකු එම නිවස බැලීමට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව ගැනුම්කරුවාට නිවස පෙන්වීම සඳහා මහේස්ත්‍රාත්වරයා සිය සුඛෝපභෝගි මෝටර් රථයෙන් අදාළ නිවසට පැමිණ තිබෙනවා.

එහිදී මහේස්ත්‍රාත්වරයා නිවස පෙන්වන අතරතුරු අදාළ පුද්ගලයා මහේස්ත්‍රාත්වරයා නිවසේ උඩුමහලේ සිරකර මෝටර් රථය රැගෙන පලාගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.