31.1 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමාකඳුරේ මධූෂ්ගේ ප්‍රධාන ගෝලයා පොලිස් විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට

මාකඳුරේ මධූෂ්ගේ ප්‍රධාන ගෝලයා පොලිස් විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මාකඳුරේ මධූෂ්ගේ ප්‍රධාන ගෝලයා ලෙස හැඳින්වෙන පුද්ගලයෙකු නවගමුව, නුගගහවත්ත පාර ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබී කේරළ ගංජා කිලෝ 12 ක් සොයා ගෙන ඇත.

මොහු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ මාකඳුරේ මධූෂ් නැමති පුද්ගලයා සමග ඩුබායි රාජ්‍යයේ දී අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කරන ලද අයෙකු බව විමර්ශණවල දී අනාවරණය වී ඇත.

සැකකරු කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48 ක් වන පුද්ගලයක් වේ.