― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමිතුරන් දෙදෙනාගේ මත්පැන් සාදය ඝා+තනයකින් අවසන් වෙයි

මිතුරන් දෙදෙනාගේ මත්පැන් සාදය ඝා+තනයකින් අවසන් වෙයි

පැල්මඩුල්ල ප්‍රදේශයේදී මුගුරකින් පහරදී තරුණයෙකු ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (11) සවස් කාලයේදී පැල්මඩුල්ල රිල්හේන ප්‍රදේශයේ තරුණයෙකු අතුරුදන් බවට පියා විසින් පොලිසියට කළ පැමිණිල්ලකට අනුවයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කෙරුණේ.

ඒ අනුව පොලිසිය කළ විමර්ශනයේදී හෙළිවී ඇත්තේ අතුරුදන් වූ තරුණයා පෙරේදා (10) රාත්‍රී කාලයේ එම සැකකරුගේ නිවසේ මත්පැන් පානය කර ඇති බවයි.

ඔවුන් දෙදෙනා මත්පැන් පානය කරමින් සිටින අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් අතුරුදන් වූ බවට පැවසෙන තරුණයාට බීමත්ව සිටි අනෙක් තරුණයා විසින් මුගුරකින් පහරදී ඇති බවට හෙළිවී තිබෙනවා.

ඒ අනුව පහරදීම සිදු කළ රිල්හේන වත්ත ප්‍රදේශයේම පදිංචි 31 හැවිරිදි තරුණයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සිද්ධිය සම්බන්ධයෙන් හෙළිකර ඇති බවයි පොලිසිය කියාසිටියේ.

සැකකරු ප්‍රකාශකර ඇත්තේ අදාළ පහරදීමෙන් තරුණයා මියගිය පසු ඔහුගේ සිරුර අසල ඇති කැලෑවකට ඇදගෙන ගොස් වළක් හාරා මෘත ශරීරය වළ දැමීමට උත්සාහ කර ඇති බවයි.

එම මළ සිරුර ද සැකකරුගේ මග පෙන්වීම මත සොයාගෙන ඇතැයි පොලිසිය සඳහන් කළා.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ රිල්හේන ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙක්.

මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා පොලිස් ආරක්ෂාව යටතේ ඇති අතර දෙදෙනා අතර පැවති පැරණි අමනාපයක් මෙම ආරවුලට මුල්වී ඇතැයි හෙළිවී තිබෙනවා.

ඒ හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිසිය දැනට සිදු කළ විමර්ශනයේදී අනාවරණ කරගෙන ඇති අතර පැල්මඩුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.