31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවාහනවල එයාර් බෑග් සම්බන්ධයෙන් අනාවරණයක්

වාහනවල එයාර් බෑග් සම්බන්ධයෙන් අනාවරණයක්

ධාවනයේ දී වායු බැලුන ක්‍රියාකාරිත්වය ඇතුළු අනාරක්ෂිත බව හේතුවෙන් ලෝකය පුරා ආපසු කැඳවන ලද විවිධ මෝටර් රථ කාණ්ඩ හා මාදිලි වලට අයත් මෝටර් රථ වාහන ලක්ෂ 07 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විටත් (12) මෙරට තුළ ධාවනයේ යෙදෙන බව වාර්තා වනවා.

වායු බැලූන ක්‍රියාකාරිත්වයේ දි රියදුරාට ඉතා අවදානම විය හැකි වර්ගයේ මෝටර් රථ ඇතුළු සුපිරි පන්නයේ ජීප් රථ ද මෙලෙස මාර්ගයේ ධාවනය වන බවට තහවුරු වී ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන කොමිසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ සඳහන් කළේ.

නිෂ්පාදන දෝෂ සහිත නිසා එම කාණ්ඩයන්ට අයත් වාහන ලෝකයේ සෙසු රටවල ආපසු කැඳවා ඒවායේ වායු බැලූන යළි සකස් කර ඇතත් මෙ රට එම කාණ්ඩයන්ට අයත් වාහන කිසිදු පරීක්ෂාවකින් තොරව ධාවනය කරන බවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට සාක්ෂි හමු වී තිබෙනවා.

මේ වන විටත් වාහන ආනයනික ඒ ජන්ත සමාගම් විසින් අදාළ අවදානම් කාණ්ඩ සහිත වාහන හිමිකරුවන් සම්බන්ධ විස්තර මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් ලබාගෙන එම වාහන යළි කැඳවීමට පියවර ගනිමින් සිටින බව ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.