― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsශ්‍රී පාද වන්දනාවේ පැමිණි ගැබිණි මවක් දරුවෙකු බිහි කරයි

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි ගැබිණි මවක් දරුවෙකු බිහි කරයි

ශ්‍රී පාද වන්දනාවේ පැමිණ සිටි ගැබිණි මවක් ඉඳිකටු පාන ප්‍රදේශයේදී දරුවෙකු බිහි කර තිබෙනවා.

එක්දරු මවක් වන මෙම කාන්තාව ඇයගේ දෙවනි දරුවා මෙලෙස ඉඳිකටු කටු පහන ප්‍රදේශයේ දී ඊයේ (11) දින රාත්‍රී බිහි කර ඇති බව සඳහන්.

සති අන්තය හේතුවෙන් ගත වූ දෙදින තුල දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට ශ්‍රී පාද වන්දනාවේ විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණි ඇති අතර, එම පිරිස අතර සිටි රත්නපුර මාරපන ප්‍රදේශයේ සිට පැමිණි එක්දරු මවක් උඩ මළුව දක්වා කරුණා කරන අතර දරු ප්‍රසුතිය සිදුකර තිබෙනවා.

ඒ ගමන් වෙහෙස හේතුවෙන් ඉඳිකටු පාන ප්‍රදේශයේ නතර වී සිටිය දීයි.

ඊයේ රාත්‍රි 7.30ට පමණ දරු ප්‍රසුතිය සිදු කර ඇති අතර, එම අවස්ථාවේ ඇය සමග වන්දනාවේ කාන්තාවන් පැමිණි පිරිසක් සහ වෙනත් ප්‍රදේශවලින් වන්දනාවේ පැමිණ සිටි තවත් කාන්තාවන් පිරිසක් ඇයට සහයෝගය ලබාදී තිබෙනවා.

දරු ප්‍රසුතිය සම්බන්ධයෙන් ඉඳිකටු පහන පොලිස් මුරපොලේ නිලධාරින් විසින් නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපතිවරයා දැනුවත් කිරීමෙන් පසු ස්ථානාධිපතිවරයා පොලිස් මුරපොලේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ උඩ මළුවට භාණ්ඩ රැගෙන යන කම්කරුවන්ගේ සහ පොලිස් නිලධාරීන්ගේ සහය මත මව සහ බිළිඳිය ආධාරක ඇඳන් මතින් ආරක්ෂිතව නල්ලතන්නිය දක්වා රැගෙන එන ලෙසටයි.

එම අතරතුර සුවසැරිය ගිලන් රථය නල්ලතන්නිය වෙත කැඳවා තිබු පොලිස් ස්ථානාධිපතිවරයා මව සහ බිළිඳා ගිලන් රථයට මගින් දික්ඔය මුලික රෝහලට යොමු කර තිබෙනවා.

දරු ප්‍රසුතිය සිදු කළ මව සහ අලුත උපන් සිඟිත්තිය නිරෝගීව දික්ඔය මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයෙකු ප්‍රකාශ කළා.