29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් ස්විට්සර්ලන්තයෙන් ආධාර

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් ස්විට්සර්ලන්තයෙන් ආධාර

සංවර්ධන හා සහයෝගීතාව සඳහා වූ ස්විට්සර්ලන්ත නියෝජිතායතනයෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 292 ආධාර මුදලක්  ලබා දෙයි.

මෙරට ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් වූ ග්‍රාමීය ගොවි ප්‍රජාවන් අතර ආහාර සුරක්ෂිතතාව වැඩිදියුණු කිරීම සඳහා අත්‍යවශ්‍ය මුදල් සහ වෙනත් ආධාර සැපයීම සඳහා මෙම අරමුදල් යොදා ගැනේ.

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) විසින් එම ආධාර මුදල් බාර ගැනීම සිදු කෙරුණි. ඒ් ශ්‍රී ලංකාව සහ මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දී ය. 

මෙම අරමුදල් හරහා නියඟයෙන් පීඩා විඳින දිස්ත්‍රික්ක පහක කුඩා පරිමාණ ගොවීණ්  1,000 ක් ඉලක්ක කර ගනිමින් ආහාර ද ඇතුළුව අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සදහා එක් අයෙකු වෙත රුපියල් 50,000 බැගින් ලබා දෙනු ඇත.  ආර්ථික හා දේශගුණික අර්බුදවල ද්විත්ව අභියෝග තුළින් පීඩාවට පත්ව සිටින ප්‍රජාවන් ප්‍රතිසාධනය කිරීමට ද මෙම අරමුදල් සහාය වනු ඇත. 

2019 වර්ෂයේ ගෝලීය දේශගුණික අවදානම් දර්ශකයට අනුව පසුගිය වසර 20 තුළ කාලගුණික තත්ත්වයන් හේතුවෙන් වැඩි වශයෙන් බලපෑමක් එල්ල වූ රටවල් අතර ශ්‍රී ලංකාව දෙවන ස්ථානයේ සිටියි.