― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසිරියානු, තුර්කි ඛේදවාචකයෙන් මියගිය ගණන 28000 ඉක්මවයි

සිරියානු, තුර්කි ඛේදවාචකයෙන් මියගිය ගණන 28000 ඉක්මවයි

සිරියාවේ සහ තුර්කියේ භූ කම්පනයෙන් පසු සුන්බුන් අතර ජීවතුන් අතර සිටියදී බේරා ගැනීමට හැකි පිරිස් සම්බන්ධයෙන් විශ්වාසය අඩුවෙමින් පවතින බව සහන කණ්ඩායම් පවසනවා.

භූ කම්පනයෙන් පසු මේ වන විට දින 5ක් ගතවී ඇති අතර දැනට වාර්තා වන මරණ සංඛ්‍යාව 28,000 ඉක්මවා ගොස් තිබෙනවා.

මේ අතර මෙම ඛේදවාචකය අතර තුර ප්‍රදේශ කිහිපයක දේපළ කොල්ලකෑම් ද වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

1939 වසරෙන් අනතුරුව තුර්කියේ ඇති වූ දරුණුතම භූමිකම්පාව ලෙසටයි මේ වන විට මෙම කම්පන වාර්තා අතරට එක්වී ඇත්තේ.

දකුණු තුර්කියේ ගලවා ගැනීමේ මෙහෙයුම්වලට විවිධ කණ්ඩායම් බාධා ඇති කර ඇති බව ගලවා ගැනීමේ කණ්ඩායම් තුනක් ප්‍රකාශ කර තිබෙනවා.

ආශ්චර්යමත් ලෙස කුඩා ළමුන් ඇතුළු පිරිස් බේරා ගනිමින් තිබියදීත්, තවත් දිවි ගලවා ගත් පිරිස් සොයා ගැනීමේ බලාපොරොත්තු බොඳ වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

විදිධ කණ්ඩායම් අතර නොසන්සුන්තා හේතුවෙන් ජර්මානු සහ ඔස්ට්‍රියානු හමුදා සෙනසුරාදා සෝදිසි මෙහෙයුම් නතර කර තිබෙනවා.

දේපළ කොල්ලකෑම් සම්බන්ධයෙන් පුද්ගලයින් 50 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර ගිනි අවි කිහිපයක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි තුර්කි ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේ.

නීතිය කඩ කරන ඕනෑම කෙනෙකුට දඬුවම් කිරීමට හදිසි බලතල භාවිතා කරන බව තුර්කිය ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

තුර්කියේ විවිධ කොල්ල කන්ඩායම් අතර ආක්‍රමණශීලීත්වය වැඩිවෙමින් පවතින අතර එය ජීවිතයක් බේරා ගැනීමේ අවස්ථා අවදානමට ලක්කරන බවයි සහන කණ්ඩායම් පෙන්වා දෙන්නේ.

ඔස්ට්‍රියාව සිය ගලවා ගැනීමේ ප්‍රයත්නයන් නතර කර පැය කිහිපයකට පසු, එරට ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ, ගලවා ගැනීමේ මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට ඉඩ ලබාදීම වෙනුවෙන් ආරක්ෂාව සැපයීමට තුර්කි හමුදාව මැදිහත් වූ බවයි.

විවිධ කොල්ල කණ්ඩායම් අතර ගැටුම් වාර්තා වී ඇති අතර වෙඩි තැබීම් ද සිදුවී ඇතැයි සඳහන්.

ජර්මානු ගලවා ගැනීමේ කණ්ඩායම් කියා සිටියේ තුර්කි බලධාරීන් තත්වය ආරක්ෂිත යැයි සැලකූ වහාම ඔවුන් නැවත සහන කටයුතු ආරම්භ කරන බවයි.

තුර්කි රාජ්‍ය මාධ්‍ය සෙනසුරාදා වාර්තා කළේ කොල්ලකෑම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස සතුව තිබී සොරකම් කරනා ලද මුදල්, ස්වර්ණාභරණ සහ බැංකු කාඩ්පත් ද සොයාගෙන තිබෙනවා.

තුර්කි පොලිසිය විසින් Gaziantep සහ Sanliurfa ප්‍රාන්තවල කඩා වැටුණු ගොඩනැගිලි සම්බන්ධයෙන් ද පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ට කොන්ත්‍රාත්කරුවන් ද ඇතුළත් බව සඳහන්.

තුර්කියේ අවම වශයෙන් ගොඩනැගිලි 6,000 ක් කඩා වැටී ඇති තිබෙනවා.

සුන්බුන් යට සිරවී සිටියදී පැය 100 කට පමණ පසු ආශ්චර්යමත් බේරා ගැනීම් අතර තුර්කියේ Gaziantep පළාතේ සුන්බුන් අතරින් ගොඩගත් පස් දෙනෙකුගෙන් යුත් පවුලක් ද වනවා.

විදෙස් ප්‍රවෘත්ති වාර්තා කියාසිටියේ කඩා වැටුණු නිවස යට සිරවී සිටියදී දින පහකට පසු දෙමාපියන්, දියණියන් දෙදෙනෙකු සහ පුත්‍රයෙකු ආරක්ෂිත ස්ථානයකට ගෙන එන ලද බවයි.

සුන්බුන් යට පැය 132 කට ආසන්න කාලයක් සිරවී සිටි Hatay පළාතේ හත් හැවිරිදි දැරියක් ද බේරා ගනු ලැබුවා.

එමෙන්ම බදාදා දකුණු තුර්කියේ Antakya ප්‍රදේශයේ සහෝදරියන් දෙදෙනකු ද සුන්බුන් අතරින් සහන කණ්ඩායම් ගලවා ගත් දර්ශන විදෙස් මාධ්‍ය ප්‍රකාශයට පත් කළා.