නිවාස ණය සහ ආධාර යෝජනා ක්‍රමය යටතේ ආරම්භ කර අතරමග නතර කර ඇති නිවාස ව්‍යාපෘති අවසන් කිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය දැනුම් දී ඇත.
2020, 2021 සහ 2022 දී ආරම්භ කරන ලද ව්‍යාපෘති සඳහා මෙම ප්‍රතිපාදන හිමිවන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කළේය.
එම ව්‍යාපෘති ක්‍රියාත්මක වන ආකාරය සලකා බලා නව නිවාස ව්‍යාපෘති ආරම්භ කිරීමට තීරණය කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.