27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද පැය 10ක ජල කප්පාදුවක්

අද පැය 10ක ජල කප්පාදුවක්

රත්තොට ජල පවිත්‍රාගාරයේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ඒ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට අද (13) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව අද (13) පස්වරු 08 සිට හෙට (14) පෙරවරු 06 දක්වා පැය 10ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කරයි.

රත්තොට, කයිකාවල, වේරගම යන ප්‍රදේශ සඳහා එම ජල කප්පාදුව සිදුවනු ඇත.

ජල කප්පාදුව සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසීමට අවශ්‍ය නම් 1939 අංකය අමතා අවශ්‍ය තොරතුරු ලබා ගත හැකි බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල වැඩිදුරටත් සඳහන් කළා.