31.7 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅනියම් බිරිඳට දිවි අහිමි කළ කොස්තාපල් අත්අඩංගුවට

අනියම් බිරිඳට දිවි අහිමි කළ කොස්තාපල් අත්අඩංගුවට

කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් පොලිසියට අනුයුක්තව රාජකාරි නිරතව සිටි කොස්තාපල්වරයෙක් වන අතර අනියම් සබඳතාවක් මුල් කරගනිමින් මෙම ඝාතනය සිදු කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මොණරාගල – වෙහෙරගල ප්‍රදේශයේ 45 හැවිරිදි කාන්තාවක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව මෙම පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත.