28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅම්පිටියේ සුමනරතන හිමියන්ට වෙඩි ප්‍රහාරයක්

අම්පිටියේ සුමනරතන හිමියන්ට වෙඩි ප්‍රහාරයක්

මඩකපලපුව අභිනවාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් ඉලක්ක කර ඊයේ මධ්‍යම රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

උන්වහසේගෙන් කළ විමසීමකදී සඳහන් කර සිටියේ ඊයේ මධ්‍යම රාත්‍රියේ 12.01ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල වූ බවයි.

තමන් ආවාස කුටියේ සැතපී සිටින අවස්ථාවේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වූ බවත් මීට දින කිහිපයක සිට දුරකථනයට තර්ජනාත්මක ඇමතුම් කිහිපයක් පැමිණි බවත් උන්වහසේ වැඩිදුරටත් සඳහන් කර සිටියා.

වෙඩි තැබීමෙන් අම්පිටියේ සුමනරතන හිමියන්ට හානියක් සිදුව නැහැ.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් එම අවස්ථාවේම පොලිසිය දැනුම්වත් කර ඇති අම්පාර පොලිසිය මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙනවා.