― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsආර්ථික අපහසුතා ඇති තරුණ තරුණියන්ට නොමිලේ වෘත්තීය පුහුණුව

ආර්ථික අපහසුතා ඇති තරුණ තරුණියන්ට නොමිලේ වෘත්තීය පුහුණුව

නැගෙනහිර පළාත් සභාව සහ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ ඒකාබද්ධ ප්‍රවේශ වැඩසටහන ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පසුගියදා (10) ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

තාරුණ්‍ය බලගැන්වීම උදෙසා පැවැත්වූ මෙම වැඩසටහනේ දී පවතින භෞතික සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීම පිළිබඳවත්, විදේශ රැකියා (කොරියාව, ජපානය) අපේක්ෂිත තරුණ ප්‍රජාව උදෙසා භාෂාව පමණක් නොව විෂයානු බද්ධ අනෙකුත් දෑ ඇතුළත් පැකේජයක් සකස් කිරීමත්, දින හතම තරුණ ප්‍රජාවගේ අධ්‍යාපනය උදෙසා වෘත්තීය පුහුණු ලබා දෙන ආයතන විවෘතව තැබීමත්, ක්‍රීඩා සංචිත සඳහා ලබා දෙන මුල්‍ය ප්‍රදාන පිළිබඳවත් අදහස් පළ වී තිබේ.

තවද අත්‍යවශ්‍ය ක්‍රීඩා උපකරණ ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලබා ගැනීමකට කටයුතු කර ඇති බව සහ ක්‍රීඩා උපකරණ සඳහා බදු සහන ලබා ගැනීම පිළිබඳවත් මෙහි දී අවධානය යොමුව ඇත.

වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීම මත ජාතික තරුණ සේවා සභාව, පළාත් සභාව, ජාතික යොවුන් සේනාංකය, කුඩා ව්‍යාපාර අංශය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ අධ්‍යාපන අමාත්‍යාංශය යන ආයතනවල ඒකාබද්ධ දායකත්වයෙන් දීප ව්‍යාප්තව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන අතර උතුර, උතුරුමැද, වයඹ, මධ්‍යම හා ඌව යන පළාත්වල මෙම වැඩපිළිවෙළ මේ වන විට ආරම්භ කොට ඇත.