29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඋඩුගුවනේ දී රෝගී වූ කාන්තාවකගේ දිවි බේරාගත් දොස්තර නෝනා

උඩුගුවනේ දී රෝගී වූ කාන්තාවකගේ දිවි බේරාගත් දොස්තර නෝනා

මෙල්බර්න් නුවර සිට කොළඹ දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයකදී අසනීප වූ වයෝවෘද්ධ කාන්තාවකට හදිසි ප්‍රතිකාර ලබා දී ජීවිතය ආරක්ෂා කර දීමට ශ්‍රී ලාංකික වෛද්‍යවරියක් වන මනෝරි ගමගේ මහත්මිය ඉකුත් දා හැකි විය.

කළුබෝවිල ශික්‍ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක ලෙස සේවය කරන ඇය ප්‍රතිකාර ලබාදී බේරාගෙන ඇත්තේ ද ශ්‍රී ලංකාවේ මහනුවර ප්‍රදේශයේ පදිංචි 85 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය විදෙස්ගතව සිටින දරුවන් බැලීමට ගොස් තෙමසකට පමණ පසු නැවත පැමිණෙමින් සිට ඇත.

එම කාන්තාව ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානාවකින් මෙල්බර්න් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටිය දී හුස්ම ගැනීමේ අපහසුතාවයකට ලක්ව ඇති අතර වෛද්‍යවරයෙකු හෝ වෛද්‍යමය ආධාර දිය හැකි අයකු සිටී නම් දැනුම් දෙන ලෙස ගුවන් යානා කාර්ය මණ්ඩලය නිවේදනය කර ඇත.  එම අවස්ථාවේ මනෝරි ගමගේ මහත්මිය සහ ඕස්ටේ්‍රලියාවේ හෙදියක ලෙස සේවය කරන ලාංකික කාන්තාවක් ද ඉදිරිපත් වී තිබේ.

රෝගී කාන්තාව සතුව තිබී ඇත්තේ සැල්බියුටමෝල් වර්ගයේ ඉන්හේලරයක් පමණක් වන අතර, වෙද නලාව හා රුධිර පීඩනය පරීක්‍ෂා කරන උපකරණයක් පමණක් ඇතිව සිටි වෛද්‍යවරිය ගුවන් මගියකුගේ පහසුකම් සහිත ඔරලෝසුවක් භාවිතයෙන් ඇගේ රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය මැන ගුවන්යානයෙන් ඉල්ලාගත් ඔක්සිජන් සිලින්ඩරයකින්, ඔක්සිජන්ද, මගීන් සතුව තිබී ලබාගත් ඇස්ප්‍රීන් හා ප්‍රෙඩ්නිසොලෝන් ඖෂධය සහිත කුඩා දරුවෙකුට ලබාදෙන සිරප් ආදී ඖෂධ ද ලබාදෙමින් කටුනායක ගුවන්තොටුපල දක්වාම ඇය නිරුපද්‍රිතව රැගෙන ඒමට සමත්වී ඇත.