27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකුරුළු උණ නැති රටවලින් බිත්තර ගේන්න - ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය

කුරුළු උණ නැති රටවලින් බිත්තර ගේන්න – ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය

මෙරටට බිත්තර ආනයනය කිරීමට රජය පියවර ගන්නේ නම් කුරුළු උණ රෝගය නැති රටවලින් පමණක් බිත්තර ආනයනය කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය ඉල්ලීමක් කරනවා.

බිත්තර ආනයනය මඟින් රට තුළ කුරුළු උණ රෝගය පැතිර ගියහොත් මෙරට ආර්ථිකයට දරැණු ප්‍රතිවිපාක විඳීමට සිදුවනු ඇති බවයි එම සංගමය අනතුරු අඟවන්නේ.

තායිලන්තය, මැලේසියාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, බ්‍රසීලය සහ ඇමෙරිකාව වැනි දැනට කුරුළු උණ රෝගය වාර්තා නොවන රටවලින් පමණක් බිත්තර ආනයනය කරන ලෙස සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ පශු වෛද්‍ය සංගමය දැනටමත් රජයට උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.