― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsතමිල්නාඩු බෝට්ටු නිදහස් කිරීමට පියවර

තමිල්නාඩු බෝට්ටු නිදහස් කිරීමට පියවර

තමිල්නාඩු ධීවරයින්ගේ බෝට්ටු නිදහස් කිරීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය ජයිශංකර් සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එය පදනම් කරගනිමින් දෙරටේ අමාත්‍යවරුන් අතර නුදුරේදීම සාකච්ඡා පැවැත්වෙන බවත් ඒ සඳහා කඩිනමින් විසඳුමක් ලබා දෙන බවත් ඉන්දීය රාජ්‍ය අමාත්‍ය මුරුගන් පවසා තිබේ.

යාපනයේ සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍ය එල්. මුරුගන් සහ භාරතීය ජනතා පක්ෂයේ තමිල්නාඩු ඒකකයේ සභාපති කේ. අන්නාමලෙයි ඊයේ ශ්‍රී ලංකාවේ සිට තමිල්නාඩුවට පිටත් වුණා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුරුගන් අමාත්‍යවරයා සඳහන් කළේ ඉන්දීය රජයේ මුල්‍ය ආධාර මත ඉදිකළ යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් කැප කළ බවයි.

මුරුගන් පැවසුවේ මෙම මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම මධ්‍යම රජයේ මුදලින් යාපනයේ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ඉදිකරන ලද බවයි. 2015 මාර්තු මාසයේදී අගමැති නරේන්ද්‍ර මෝදි යාපනයේ සංචාරය කළ අවස්ථාවේදී මේ සඳහා මුල්ගල තබන ලදී.

මෙම තත්ත්වය තුළ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහද මෙම ඓතිහාසික අවස්ථාවට සහභාගි වූ බව අමාත්‍ය මුරුගන් පැවසීය.