30 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුම්රිය ගමන්වාර 10ක් අවලංගු වෙයි

දුම්රිය ගමන්වාර 10ක් අවලංගු වෙයි

අද (13) කාර්යාල දුම්රිය 05ක් ඇතුලුව දුම්රිය ගමන්වාර 10ක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

රියදුරන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් හේතුවෙනුයි මෙලෙස දුම්රිය ගමන් වාර අවලංගු කර ඇත්තේ.

මෙලෙස අවලංගු කර ඇත්තේ පොල්ගහවෙල – මරදාන දක්වා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය 2 ක්, මහව – කොළඹ කොටුව දුම්රියත්, රඹුක්කන – කොළඹ කොටුව සහ කුරුණෑගල – කොළඹ කොටුව දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ දුම්රිය කීපයක් ද, මුහුදු බඩ මාර්ගයේ ගමන් කිරීමට නියමිතව තිබූ හික්කඩුව – මරදාන , අලුත්ගම -මරදාන සහ කළුතර – මරදාන දක්වා ධාවනය වීමට නියමිතව තිබු දුම්රිය ගමන්වාර 3කුයි.

මීට අමතරව පුත්තලම මාර්ගයේ හලාවත – කොළඹ දක්වා ධාවනය විමට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර දෙකක් අවලංගු වී ඇති බවයි වාර්තා වන්නේ.