― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදේශීය වියළි මිරිස් නිෂ්පාදනය 25%කින් ඉහළ නැංවීමට සැලසුම්

දේශීය වියළි මිරිස් නිෂ්පාදනය 25%කින් ඉහළ නැංවීමට සැලසුම්

මෙම වසරේ දී දේශීය වියළි මිරිස් නිෂ්පාදනය සියයට 25කින් ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

බදුල්ල දිස්ත්‍රික්කයේ මිරිස් වගාව ප්‍රවර්ධනය කිරීමට කුඹල්වෙල ප්‍රදේශයේ වගා කර ඇති මිරිස් වගාවන් නිරීක්ෂණය සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය දා සහභාගි විය.

පසුගිය කාලය තුළ උමා ඔය ව්‍යාපෘතියේ ඉදි කිරීම් නිසා ඇති වූ ජල කාන්දුව හේතුවෙන් බණ්ඩාරවෙල කුඹළ්වෙල ජනතාවගෙන් විශාල පිරිසකට සිය ජීවන වෘත්තින් අහිමි විය.

විශේෂයෙන් වී වගාව මෙන්ම එළවළු වගා කළ ගොවීන් එම ජල කාන්දුව නිසා අසරණ තත්ත්වයට පත්විය. මේ නිසා වගා කටයුතු අහිමි වූ ගොවි ජනතාවගේ ආදායම් තත්ත්වයන් ඉහළ නැංවීමේ අරමුණින් හඳුන්වා දුන් මිරිස් වගා ව්‍යාපෘතිය මේ වනවිට ඉතාමත් සාර්ථක වී තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ විදේශ අරමුදල් මත ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් වන කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් මේ සඳහා අවශ්‍ය බීජ, බිංදු ජල තාක්ෂණය හා කෘමින්ගෙන් වගාව ආරක්ෂා කිරීමට අවශ්‍ය නවීන තාක්ෂණික උපකරණ හා දැනුම, වගාවට අවශ්‍ය අනෙකුත් උපකරණ ගොවි ජනතාවට නොමිලයේ ලබා දුන්නේය. එමෙන්ම පැළ සිටුවීමේ දී අක්කරයක ඉඩමක වගා කරන මිරිස් පැළ ප්‍රමාණය අක්කර භාගයක වගා කරමින් අස්වනු වැඩි කිරීම හා අවම කෘමිනාශක සහ පොහොර භාවිතා කිරීම මගින් මිරිස්වල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සම්බන්ධව ද මෙහිදී ගොවීන්ට පුහුණුව ලබා දී තිබේ.

මේ වනවිට බදුල්ල දිස්ත්‍රික්කයේ ගොවීහු 300ක් එක් ගොවියෙක් අක්කර භාගයක් බැගින් අක්කර 150ක මිරිස් වගා කර තිබේ. මෙම වගා කටයුතු සඳහා කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් රුපියල් ලක්ෂ 10ක් බැගින් එක් ගොවියෙකුට නැවත අය කර නොගන්නා මුදලක් වශයෙන් උපකරණ හා තාක්ෂණික ක්‍රම ආධාර වශයෙන් ලබා දී ඇත.

මෙම මිරිස් වගාවන් නිරීක්ෂණය සඳහා සහභාගි වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම ප්‍රදේශයේ මිරිස් වගාවට කැමැති තරුණ කණ්ඩායම් තෝරා ගෙන ඔවුන්ට මිරිස් වගාව සදහා අවශ්‍ය මුල්‍ය ආධාර මෙන්ම තාක්ෂණය හා උපකරණ ද ලබා දීමට පියවර ගන්නා ලෙස එම ව්‍යාපෘතියට උපදෙස් දුන්නේය.

එමෙන්ම දැනට අපේ රටේ වාර්ෂිකව අවශ්‍ය සමස්ත වියළි මිරිස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 55,000ක් වුවත් ඉන් මෙට්‍රික් ටොන් 50,000ක්ම විදේශ රටවලින් ආනයනය කරනු ලබයි. මෙරට වාර්ෂික මිරිස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 5000ක් පමණ බව ද සදහන් කළේය. එමනිසා මෙම වසර තුළ අප රටට අවශ්‍ය සමස්ත මීරිස් ප්‍රමාණයෙන් සියයට 20ක් මෙම වසර තුළ නිපදවීමට කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආචාර්ය රෙහාන් විජේකෝන් මහතාට උපදෙස් දුන්නේය.