28.9 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsධාවනය වෙමින් තිබූ බස් රියදුරුට හෘදයාබාධයක් වැළඳී ජීවිතක්ෂයට

ධාවනය වෙමින් තිබූ බස් රියදුරුට හෘදයාබාධයක් වැළඳී ජීවිතක්ෂයට

ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක රියදුරෙකුට හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් අද (13) උදෑසන බස් රථය අනතුරකට ලක්ව තිබෙනවා.

මෙහිදී හෘදයාබාධය වැළඳුනු බස්රථ රියදුරා බස් රථය තුළදීම මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අද (13) උදෑසන මින්නේරිය නගරයේ සිට හිඟුරක්ගොඩ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මින්නේරිය බස් නැවතුම්පොළෙන් පිටත් වූ එම බස් රථයේ රියදුරුට හෘදයාබාධයක් වැළදීම හේතුවෙන් රථය පාලනයන් ගිලිහී ගොස් මාර්ගයෙන් ඉවතට පැන මින්නේරිය නගරයේ වෙළඳසැලකට කඩාවැදී ඇති බවයි වාර්තා වන්නේ.

පසුව හෘදයාබාධයක් වැළඳුනු බස්රථ රියදුරා රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර, එම අවස්ථාවේදීත් ඔහු මියගොස් සිට ඇති බව සඳහන්. මෙලෙස මියගොස් ඇත්තේ මින්නේරිය නගරයේ පදිංචිව සිටි වයස අවුරුදු 75ක පුද්ගලයෙක්.