27.2 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsප්‍රභාකරන් ජීවතුන් අතර නෑ - මෙරට හමුදාව කියයි

ප්‍රභාකරන් ජීවතුන් අතර නෑ – මෙරට හමුදාව කියයි

ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බවට පළවන පුවත ශ්‍රී ලංකා හමුදාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් පැවසීය.

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ (එල්ටීටීඊ) ප්‍රධානියා වන ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බව ලෝක දෙමළ සම්මේලනයේ ප්‍රධානියා පවසයි. නෙඩුමාරන් මේ බව කියා සිටියේ තන්ජාවුර් මුල්ලිවයික්කාල් අංගනයේ අද (13) පැවති මාධ්‍ය හමුවකදීය.

මේ වන විට ප්‍රභාකරන්, ඔහුගේ බිරිඳ සහ දියණිය නිරෝගීව සිටින බවත් ඔවුන් නියමිත වේලාවට ජනතාව අතරේ ප්‍රසිද්ධියේ පෙනී සිටින බවත් නෙඩුමාරන් එහිදී ප්‍රකාශ කර ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා හමුදාව බීබීසීයට පවසා ඇත්තේ තමන් මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි.

එහි හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ “එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් යුද්ධයේ අවසන් අදියරේදී ඝාතනය කළ බවට අපි සතුව සාක්ෂි තිබෙනවා” යනුවෙනි.

එසේම, “2009 මැයි 19 වැනිදා යුද්ධයේ අවසන් අදියරේදී ප්‍රභාකරන් ඝාතනය වුණා. ඔහුගේ ජානමය සාක්ෂිත් අප සතුව තිබෙනවා” ඔහු වැඩිදුරටත් පැවසීය.