28.9 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews"ප්‍රභාකරන් තවමත් ජීවතුන් අතර" - ලෝක දෙමළ සම්මේලනයේ සභාපතිගෙන් ආන්දෝලනාත්මක හෙළිදරවුවක්

“ප්‍රභාකරන් තවමත් ජීවතුන් අතර” – ලෝක දෙමළ සම්මේලනයේ සභාපතිගෙන් ආන්දෝලනාත්මක හෙළිදරවුවක්

එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් තවමත් ජීවතුන් අතර සිටින බව ලෝක දෙමළ සම්මේලනයේ සභාපති පල නෙඩුමාරන් පවසනවා.

තන්ජාවුර්හිදී මාධ්‍ය හමුවක් අමතමින් නෙඩුමාරන් වැඩිදුරටත් පවසා සිටියේ ළඟදීම ප්‍රභාකරන් ප්‍රසිද්ධියේ පෙනී සිටින බවයි.

අපගේ දෙමළ ජාතික නායක ප්‍රභාකරන් පිළිබඳ සත්‍යය ප්‍රකාශ කිරීමට සතුටුයි. ඔහු හොඳින්, ලොව පුරා සිටින දෙමළ ජනතාවට මෙය ප්‍රකාශ කිරීමට ලැබීම ගැන මම ඉතා සතුටු වෙමි.” යනුවෙන් පල නෙඩුමාරන් මෙහිදී සඳහන් කර තිබෙනවා.

කෙසේවෙතත් නෙඩුමාරන් පවසන අන්දමට එල්.ටී.ටී.ඊ නායකයා දැනට සිටින ස්ථානය පිළිබඳ කිසිඳු තොරතුරක් ඔහු විසින් මෙම මාධ්‍ය හමුවේ දී සඳහන් නොකළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ.

ශ්‍රී ලංකාවේ හමුදාවන් සිදුකළ මානුෂීය මෙහෙයුමේ දී 2009 මැයි 18 වැනි දින මුලතිව් දිස්ත්‍රික්කයේ මුල්ලයිවයික්කාල්හි දී එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ජීවිතක්ෂයට පත් වුණා.