― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමෙරට නිෂ්පාදිත කංසා මිශ්‍ර චොක්ලට්

මෙරට නිෂ්පාදිත කංසා මිශ්‍ර චොක්ලට්

පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන් නිෂ්පාදනය කර වෙළඳපොළට නිකුත් කර ඇති කංසා මිශ්‍ර චොක්ලට් වර්ගය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා දී නොමැති බව දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි ඊයේ (12) පැවසීය.

පොතුහැර ප්‍රදේශයේ ආයතනයකින් මෙම කංසා මිශ්‍ර චොක්ලට් වර්ගය නිෂ්පාදනය කර ඇති අතර පෙම්වතුන් වෙනුවෙන් නිපදවූ මෙම චොක්ලට් වර්ගයේ කංසා, අශ්වඝන්, වැල්මී සහ ලුණුවිල අඩංගු වන බවයි වාර්තා වන්නේ.

මෙම චොක්ලට් වර්ගය වෙළෙඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය අනුමැතිය ලබාදෙන ලෙස අදාළ නිෂ්පාදකවරයා ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් කිසිදු ඉල්ලීමක් කර නොමැති බවද දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි ප්‍රකාශ කළේය.

කංසා අබින් විෂවර්ග ආඥා පනතට අනුව මෙය තහනම් නිෂ්පාදනයක් වන බවත් මෙරට කංසා භාවිතයට ගැනීමට හැකියාව ඇත්තේ ඖෂධ සැකසීම සඳහා පමණක් බවත් රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.

මෙම චොක්ලට් වර්ගය නිෂ්පාදනය කළ ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඒ. ධනංජය වීරසූරිය ප්‍රකාශ කළේ මෙම නිෂ්පාදනය සඳහා අනුමැතිය ලබාගැනීමට ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇති බවය.

එම ඉල්ලීමට අනුව මෙම නිෂ්පාදනය පර්‌යේෂණාත්මක මට්ටමින් තිබියදී සීමිත කොටසක් අලෙවි කිරීමට හැකි අයුරින් අනුමැතිය ලබා දී ඇති බවත් මේ වනවිට එම පර්යේෂණයේ විද්‍යාගාර සහ සායනික පර්‌යේෂණ අවසන් කර තෙවන අදියරයේ මහජන පර්‌යේෂණ මට්ටමෙන් කටයුතු සිදුකරමින් සිටින බවත් කළමනාකාරවරයා ප්‍රකාශ කළේය.

කංසා මිශ්‍ර චොක්ලට් දහසක් නිෂ්පාදනය කර ඇති අතර එම චොක්ලට් දහසම මේවන විට අලෙවි වී ඇති බවද ඔහු පැවසීය.

#aruna