29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට රියදුරු බලපත්‍රලාභී කාන්තාවන් 11 ලක්ෂය ඉක්මවයි

මෙරට රියදුරු බලපත්‍රලාභී කාන්තාවන් 11 ලක්ෂය ඉක්මවයි

මෙරට රියැදුරු බලපත්ලාභීන් අතරින් එකොළොස් ලක්ෂ විසි දෙදහස් හාරසිය දහඅට දෙනකු කාන්තාවන් බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියැදුරු බලපත් කොමසාරිස් වසන්ත ආරියරත්න වැඩිදුරටත් සඳහන් කරන්නේ මේ අතරින් බර වාහන පැදවිය හැකි කාන්තාවන් දෙදහස් අසූ දෙදෙනකු සිටින බවයි.

2010 වසරේ දෙසැම්බර් 31 වන විට මෙරට කාන්තාවන් විසිතුන් දහස් හාරසිය අසූ අට දෙනකු පමණක් රියැදුරු බලපත් ලබාගෙන තිබුණත් 2020 දෙසැම්බර් 31 දක්වා වන දශකයක කාලය තුළ කාන්තාවන් රියැදුරු බලපත්‍ර ලබාගැනීමේ වර්ධනයක් පෙන්නුම් කර තිබේ.