― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalලංකාවට කර ඇති හූනියම නොවැම්බරයේදී කපනවා

ලංකාවට කර ඇති හූනියම නොවැම්බරයේදී කපනවා

ලංකාවට කර ඇති හූනියමක් නොවැම්බර් මාසයේදී කපා ඉවත්කරන බවත් ලංකා ඉතිහාසයේ කිසිවකු නොසිතූ දේශපාලන පෙරළියක ආරම්භය මාර්තු මස 09 වෙනිදා සනිටුහන් වන බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (12) හොරණදී පැවති ජන හමුවක් අමතමිනි.

ඡන්දය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම අධිකරණයේදී එකඟතාවය පළකර තිබෙනවා. ඒ අනුව 09 වෙනිදා පළාත් පාලන මැතිවරණය අනිවාර්යෙන් පැවැත්වීමට නියමිතයි. මැතිවරණ කටයුතු සඳහා අවශ්‍ය මුදල් වෙන් කරන්නේ වියදම් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ කුරුණෑගල පොල්වත්තෙ ආදායමෙන් හෝ බණ්ඩාරවෙල තේවත්තේ ආදායමෙන් හෝ මහ බැංකු වංචාවෙන් ඉතිරි වී මහා භාණ්ඩාගාරයට ලබාදුන් මුදල් වලින් නෙවෙයි. ඡන්දය සඳහා වියදම් කරන්නේ ජනතාව කිරි පැකට්ටුවක්, පරිප්පු ටික හාල් ටිකක් භාණ්ඩාගාරයට යන බදු මුදල්.

විශ්‍රාමික කර්නල්වරයෙකු වගේ තනි පුද්ගලයකු දාලා ඡන්ද නවත්තන්න පුළුවන් නම් මේ රටේ ජනතාවට හැම ඡන්දයකදී එක එක පුද්ගලයා වශයෙන් නඩු දා ඡන්ද නවත්තන්න පුළුවන් වෙනවා. එහෙම වුනොත් වසර මිලියන ගාණක් යන යන තුරු මේ රටේ ඡන්දයක් පවත්වන්න ලැබෙන්නේ නෑ.