27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවිදෙස් රැකියා ජාවාරමක් ගැන විදේශ රැකියා අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

විදෙස් රැකියා ජාවාරමක් ගැන විදේශ රැකියා අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය හරහා නෙදර්ලන්තයේ රැකියා දෙන බව පවසමින් එම අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ව්‍යාජ අත්සන සහ අමාත්‍යංශ ලිපි ශීර්ෂයක් භාවිත කරමින් මුදල් රැස්කරන ජාවාරමක් ක්‍රියාත්මක බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය සඳහන් කරනවා.

මෙම ජාවාරම්කරුවන් සොයා විදේශ සේවා නියුක්ති කාර්යංශය විමර්ශන ආරම්භ කර ඇති බවයි එම අමාත්‍යාංශය පැවසුවේ.

එලෙස කටයුතු කරන ජාවාරම්කරුවන්ට හසුනොවන ලෙස කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය මහජනතාවට දැනුම් දෙනවා.

එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ අමාත්‍යාංශය මඟින් විදේශ රැකියා සඳහා කිසිඳු පුද්ගලයෙක් යොමු නොකරන බවයි.

නීත්‍යානුකූල ලියාපදාංචි විදේශ රැකියා නියෝජිත ආයතන පමණක් පුද්ගලයන් රැකියා සඳහා පිටත්කර යවන බව සඳහන් කරන අමාත්‍යාංශය ලේකම්වරවයා රැකියා සඳහා කිසිඳු ලිපියකට අස්සන් කර නොමැති බවත් දැනුම් දෙනවා.