― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවිදේශ රැකියා ක්ෂේත්‍රය කඩිනමින් ඩිජිටල්කරණයට

විදේශ රැකියා ක්ෂේත්‍රය කඩිනමින් ඩිජිටල්කරණයට

ඕමානයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවා ගැනීමේ දී ඇතිවන කාර්යපණයටිපාටි ම ය ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස එරට සිටින ශ්‍රමිකයන් බඳවා ගැනීමේ ආයතන ප්‍රධානීන් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගෙන් ඉල්ලා සිටි අතර, ඒ සඳහා කඩිනම් පියවර ගන්නා බවට අමාත්‍යවරයා සහතික විය.

ඕමානයේ සිව් දින නිල සංචාරයක නිරත ව සිටින අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සහ ශ්‍රමිකයන් බඳවා ගැනීමේ ආයතන ප්‍රධානීන් අතර පැවති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මෙම සහතිකය ලබා දුන්නේය.

ශ්‍රමිකයන් බඳවා ගැනීමේ දී ගත යුතු අනුමැතීන් ලබාගැනීමට විශාල දුරක් ගෙවා තානාපති කාර්යාලයට පුද්ගලිකව පැමිණිමට සිදුවන බවත්, එයට විශාල කාලයක් වැය කිරීමට සිදුව ඇති බවත්, ශ්‍රමිකයන් බදවා ගැනීමේ ආයතන ප්‍රධානීහු අමාත්‍යවරයාට පෙන්වා දුන්හ.

මේ අතරම තානාපති කාර්යාලයේ පවතින නිලධාරී හිඟය නිසා ද අනුමැතීන් ලබාගැනීමේ කටයුතුවලට අමතර කාලයක් වැය කිරීමට සිදුව ඇති බවත් ඔවුහු සඳහන් කළහ.

එයට ප්‍රතිචාර දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ විදේශ රැකියා ක්ෂේත්‍රය කඩිනමින් ඩිජිටල් කිරීමට කටයුතු කරන බවයි.

මේ අතර ගෘහ සේවිකාවන් බඳවා ගැනීමේ දී දුරස්ථ ක්‍රමයට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසුව පමණක් බඳවා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට ද මෙහි දී එකඟතාවයකට පැමිණියේය.

සංචාරක වීසා මගින් ඕමානයේ ගෘහ සේවයට කාන්තා ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම නිසා ඇතිවී තිබෙන ගැටලු සහ ඕමානයේ ශ්‍රමිකයන් බඳවා ගන්නා ආයතන නියෝජිතයන් මුහුණදී තිබෙන ගැටලු සඳහා දිය හැකි විසඳුම් පිළිබඳ ව ද මෙහි දී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණි