2022/2023 මහ කන්නය සඳහා වී මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල්, ආර්ථීක ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛයක් නිකුත්කර තිබෙනවා.
ඒ අනුව තෙතමනය 14%ක් සහ උපරිම බෝල් ප්‍රමාණය 9%ක් වන නිසි ප්‍රමිතියෙන් යුතු නාඩු වී කිලෝවක් රුපියල් 100.00ක මිලකට මිලදී ගන්නා ලෙස අදාළ චක්‍රලේඛයේ දක්වා තිබෙනවා.
තෙතමනය 14% ඉක්මවන හා 22% හෝ ඊට වඩා අඩු නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 88.00ක මිලක් අදාළ චක්‍රලේඛය මඟින් නියම කර තිබෙනවා.