30.6 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාව වෙනුවෙන් පැරිස් සමාජය මූල්‍ය ඇපකර ලබාදෙයි

ශ්‍රී ලංකාව වෙනුවෙන් පැරිස් සමාජය මූල්‍ය ඇපකර ලබාදෙයි

ණය දෙන රටවල ප්‍රමුඛ කණ්ඩායමක් වන පැරිස් සමාජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට හිමිවීමට ඇති ණය මුදල වෙනුවෙන් මූල්‍ය ඇපකර ලබාදීමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයකට මුහුණ පා ඇති මෙවන් මොහොතක පැරිස් සමාජය අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ඇප පැකේජයක් සඳහා මෙම සහාය ලබා දී ඇත.

ද්විපාර්ශ්වික ණය ආපසු ගෙවීමට නොහැකි රටවල් සඳහා තිරසාර ණය සහන ලබා දීම පැරිස් සමාජයේ පරමාර්ථය වන අතර එම සමාජයට අයත් රටවල් වන්නේ ඔස්ට්‍රෙලියාව, ඔස්ට්‍රියාව, බෙල්ජියම, කැනඩාව, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, අයර්ලන්තය, ඊශ්‍රායලය, ජපානය, නෙදර්ලන්තය, නෝර්වේ, රුසියාව, දකුණු කොරියාව, ස්පාඤ්ඤය, ස්වීඩනය, ස්විට්සර්ලන්තය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදයයි.