29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNews12 හැවිරිදි මල්ලිට හදි කළ අයියා අත්අඩංගුවට

12 හැවිරිදි මල්ලිට හදි කළ අයියා අත්අඩංගුවට

තම එකොළොස් හැවිරිදි බාල සහෝදරයාට බරපතළ ලිංගික අපයෝජන කළ බව කියන වැඩිමල් සොහොයුරා ඊයේ (12) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර නගරාසන්නයේ ගමක පදිංචි 22 හැවිරිදි පුද්ගලයෙකි.

වැඩිමහල් සහෝදරයා තමන්ට ලිංගික අපයෝජනයන් කරන බවත් ඊට අකමැති වන විට පහර දෙන බවත් පවසමින්, 6 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෙකු ඥාති කාන්තාවකට සිදු කළ දැනුම් දීමකට අනුව එම කාන්තාව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු, විමර්ශන මෙහෙයවා සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධියට මුහුණ පෑ දරුවාගේ පියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින බවත් මව ආපන ශාලාවක රැකියාව සඳහා උදෑසන 7ට නිවසින් පිටව ගොස් රාත්‍රී 11 යළි නිවෙසට පැමිණෙන බවත්, දහවල් කාලයේ දී සිය වැඩිමහල් සහෝදරයා සමග නිවසේ තනිව සිටින විටදී අවස්ථා ගණනාවකදී සහෝදරයා විසින් එම දරුවාට ලිංගික අපයෝජනය සිදු කර ඇති බව අනාවරණය වී තිබේ.

දෙදෙනාගේම ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව වින්දිත දරුවා සහ සැකකරු මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.