30.6 C
Colombo
Tuesday, January 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportIPL කාන්තා තරගාවලියේ ක්‍රීඩිකා වෙන්දේසියේ දී මන්දනාට ඉහළ මිලක්

IPL කාන්තා තරගාවලියේ ක්‍රීඩිකා වෙන්දේසියේ දී මන්දනාට ඉහළ මිලක්

023 කාන්තා අයි.පී.එල්. වෙන්දේසිය මේ වනවිට පැවැත් වෙනවා.

පළමුවරට පැවැත්වෙන 2023 කාන්තා අයි.පී.එල්. තරගාවලියේ වෙන්දේසියේ දී ඉන්දීය සුපිරි පිතිකාරිනියක වන ස්මෘති මන්දනා ඉන්දීය රුපියල් කෝටි 3.4කට මිලදී ගන්නට රෝයල් චලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම කටයුතු කරනු ලැබුවා.

මන්දනාව සිය කණ්ඩායම වෙනුවෙන් එක්කර ගැනීම සඳහා වෙන්දේසියේ දී බැංගලෝර් කණ්ඩායමේ හිමිරුවන් සහ මුම්බායි ඉන්දියන්ස් හිමිකරුවන් අතර තියුණු සටනක් පැවතියා.

එමෙන්ම ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා හර්මන්ප්‍රීට් කෞර් මුම්බායි ඉන්දියන්ස් විසින් මිලදී ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 1.8ක මිලක් ගෙවමින්.

මේ අතර මෙවර වෙන්දේසිය වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මිලදී ගන්නට කිසිඳු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැහැ.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩිකා ඉනෝකා රණවීර ද ක්‍රීඩිකා වෙන්දේසියේදී කිසිඳු කණ්ඩායමක් මිලදී නොගැනීම ද විශේෂත්වයක්.

2023 කාන්තා අයි.පී.එල්. වෙන්දේසිය මේවනවිටත් ක්‍රියාත්මකයි