28.4 C
Colombo
Monday, July 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅත්‍යවශ්‍ය නොවන සැත්කම් කල් දැමීම කැපකිරීමක්

අත්‍යවශ්‍ය නොවන සැත්කම් කල් දැමීම කැපකිරීමක්

අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම කල් දමන්නැයි රජය ගත් තීන්දුවට හේතුව මුදල් නොමැතිකම හේතුවෙන් කළ කැප කිරීමක් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ප්‍රවාහන සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (14) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇපූ පැනයකට පිළිතුරු දෙමිනි.

ආණ්ඩුකරණයේදී ඇමතිවරයාට හෝ පුද්ගලිකව තීන්දු තීරණ ගන්න බැහැ. ශල්‍යකර්මයක් පමා කරනවා කියන්නෙ ගැඹුරින් ගන්න තීරණයක්. එහෙම ගන්න වෙලා තියෙන්නෙ උපකරණ හා ඖෂධ ගන්න මුදල් නැති නිසා. මොකක් හරි දෙයකින් කැප කිරීමක් කරනවා හැර වෙන විකල්පයක් නැහැ.